ඉකුත් සතියේ මාතර සිට පිටත්වු දුමිරියක ට්රක් රථයක් ගැටිමෙන් එහි ගමන්ගත් ට්රක් රථ රියදුරු එම ස්ථානයේම මිය ගොස් ඇත. ඔහු සමග ගමන් ගත් තවත් අයෙක් මෙම අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගෙන ඇත.මෙම අනතුරින් මිය ගොස් ඇති තැනැත්තාට අයත් ට්රක් රථය දුමිරියේ ගැටිමත් සමග අනතුර සිදුවු ස්ථානයෙන් මද දුරක් දුම්රිය මාර්ගය හරහා වැටි තිබු අකාරය එම ස්ථානයට ගිය අප හට දැකගත හැකිවිය. මෙම අනතුරින් දුම්රිය මාර්ගය හරහා පෙරළි තිබු ට්රක් රථය හෙතුවෙන් දුම්රිය මාර්ගයට ද සුලු අලාබ හානි ඇතිවිතිබු අතර ට්රක් රථය එම් ස්ථානයෙන් ඉවත්කිරිම සදහා බැකෝ යන්ත්රයක් ගෙන එන ලදි. මෙම ස්ථානයේ දුමිරිය ආරක්ෂක ගෙටිටුවක් නොමැති කමින් මින් පෙරද ජීවිත හානි කිහිපයක්ම මෙම ස්ථානයේ සිදුවු බව ප්රදේශවාසින් පවසති.
0 comments