මාතර කොඩිය මගින් සංකේතවත් කරන්නේ රුහුණේ ජාතික සම්පත්.සෞභාග්‍යය හා සශ්‍රික බව එඩිතර බව සමගිය සහෝදරත්වය ආගමික ශ්‍රද්ධාව හා දැහැමි දිවිපෙවතයි.මෙහි කුරු ඇතාගේ රුපය ප්‍රධාන ලාංඡනය ලෙස පිහිටවා ඇත.කොන් හතරෙ ඇති සපුමල් හතරෙන් රුහුණේ සෞභාග්‍යවත් ආර්ථිකය හා අගහිගකම් වලින් තොරව රුහුණේ ජනතාව ගතකල සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතය පිළිබිඹු කරයි. ත්‍රිකෝණයේ සමගාමි දෙපාර්ශවයක සිටඑකම ලක්ෂයක් කරා පියාසර කරන කුරුල්ලන් දෙදෙනාගෙන් සංකේතවත් වන්නේ එකම අරමුණක් ඔස්සේ අධිෂ්ඨාන පුර්වකව නොපසුබට උත්සාහයෙන් බලාපොරොත්තු වන අපේක්ෂාවන් කරා යන වෙගවත් ගමනයි.තවද එකම ලක්ෂයක් කරා පියාසර කිරිමෙන් රුහුණේ ජනතාව තුල එදා පටන් පැවති කිසියම් අරමුණක් සංකේතවත් කර ගැනිමෙදි දක්වන සමගිය සහෝදරත්ව බැදිම ඉන් පිළිබිඹු කරයි.

0 comments