මාතර කොලඹ බසයකට මා ගාල්ලෙන් ගොඩවිය.සෙනග වැඩිපුර බස් රථයේ නොසිටි නිසා මා ඉදගන්නට හිස් අසුනක් සෙවිය.එකවරම මාගේ නෙත ගැටුනේ.බසයක පිටු පස අසුන වෙතය.එහි පෙම්වතුන් යුවල සතරකි.ඔවුන් බරපතල කාර්යන් වලය එවා ඒකිනෙක විස්තර කලයුතු නැත.නමුත් කල කිරිමක් ඇතිවුයේ ඔවුන් කාමරයක සිදුවිය යුතු ඇතැම් දැ හටක් හැත්තැවක් ගමන් ගන්නා එම බස්රථය තුල සිදුකිරිමයි. මෙ අතර මවක් සමග පැමිණි කුඩා කොළුවෙක් මෙදෙස බලමින් පාඩම් ඉගෙනගනී.මෙම ආකාරයට පෙම්වතුන් බස් රථ තුල හැසිරෙනම් කුඩා දරුවන් බස්රථ තුල රැගෙන යා හැකිවන්නේ දැස්ආවරණ පලන්දාය.නැතහොත් බස්රථයේ ඉදිර ඇතැම් ආසන වෙන්කර ඇති ආකාරයට පෙම්වතුන්ට පමණයි යැයි බසයේ පිටුපස අසුනේ දැන්විමක් ගසා තිරයක් එල්විමයි.
හික්මිමක් නැතිකම තමයි ඔකට හේතුව.එකෙන් වෙන්නේ අනාගත් පරම්පරාවත් නොමගට යන එකයි
මේ බ්ලොග් එකත් වැඩිහිටියන්ට පමණයි එකක් වගේ පේන්නෙ.
අපේ සමහර මෙලෝ මීටරයක් නැති හරක් ටිකකුයි එකටම හරියන එලදෙන්නු ටිකකුයි තමා මේවා කරන්නේ.. තැනට ගැලපෙන්න හැසිරෙන්න එගොල්ලන්ට කියල දිලා නැති නිසයි මේ දේ වෙන්නේ.. පව් මේ නිසා බැනුම් අහන්නේ වෙනත් අය :(
පුදුම හිතෙන දේ තමයි අපි මුන්ට දැනෙන්නම මුන් දිහා බලාගෙන හිටියත් ගානක්වත් නැතුව වැඩේ ලස්සනට කරගෙන යන එක. පාර මැද්දෙ රමණයෙ යෙදෙන බල්ලොත් ඔහොමයි. කවුරු හිටියත් කමක් නැහැ.
මේක බරපතල ජාතික ප්‍රශ්නයක්. මෙයින් පෙන්වන්නේ ජාතියේ බාල පරම්පරාව නොමග ගොස් ඇති බවයි. දශක හතරකට පෙර මමත් ලංකාවේ බස් වල ගමන් ගත්තා. එකලද පෙම්වතුන් ගමන් කලත් ඔවුන් ශිෂ්ට සම්පන්න ලෙස කිසිවෙකුට කරදරයක් නොවන විදියට හැසිරුණා. අද සිදු වී ඇති දේවල් වලට බොහෝ දෙනෙක් සම්මාදම්. මාධ්‍ය වලින් සමාජයට ගෙන එන කාමුක දේවල්, සන්ධ්‍යා කාලයේ ආගමික දේවල් වලට සහභාගි වීම වෙනුවට රූපවාහිනී නැරඹීම යනාදී සමාජය විකෘති කිරීමේ ව්‍යාපාර මේ තත්වයට වගකිව යුතුය. මේ පිලිබඳව බලධාරීන්ද ගෙනයන්නේ ගොලුවත රැකීම පමණකි. ජාතිය යකාට ගියත්, සල්ලි ලැබෙයි නම් කමක් නැත. අසීමිත ලෙස ඉඳුරන් පිනවීමට බාලපරම්පරාව පුරුදු වී ඇත. ලිංගික තෘප්තිය පමණක් නොව මත් ද්‍රව්‍යද ඒ සමග ලාබාල සිත්වලට පැමිනෙයි. ඒවාට පුරුදු වූ පසු ඉතිරි වන්නේ ඇවිදින මලකඳන්ය. කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි මෙහෙයවන භාවනා වැඩ සටහන් අගය කල යුතුය. මෙය ජාතික ප්‍රශ්නයක් ලෙස සලකා පිලියම් වහාම යෙදිය යුතුය.