MySpace Graphics
MySpace Graphics
MySpace Graphics
මාතර කොඩිය මගින් සංකේතවත් කරන්නේ රුහුණේ ජාතික සම්පත්.සෞභාග්‍යය හා සශ්‍රික බව එඩිතර බව සමගිය සහෝදරත්වය ආගමික ශ්‍රද්ධාව හා දැහැමි දිවිපෙවතයි.මෙහි කුරු ඇතාගේ රුපය ප්‍රධාන ලාංඡනය ලෙස පිහිටවා ඇත.කොන් හතරෙ ඇති සපුමල් හතරෙන් රුහුණේ සෞභාග්‍යවත් ආර්ථිකය හා අගහිගකම් වලින් තොරව රුහුණේ ජනතාව ගතකල සෞභාග්‍ය සම්පන්න ජන ජීවිතය පිළිබිඹු කරයි. ත්‍රිකෝණයේ සමගාමි දෙපාර්ශවයක සිටඑකම ලක්ෂයක් කරා පියාසර කරන කුරුල්ලන් දෙදෙනාගෙන් සංකේතවත් වන්නේ එකම අරමුණක් ඔස්සේ...
අවිදුර දුෂ්ටිකතවය. මෙය ලග ඇති වස්තු නිරික්ෂණය කල හැකි වුවත් දුර ඇති වස්තු නිරික්ෂණයට අපහසුය.එයට හේතුව දුර ඇත වස්තුවෙ සිට එක ආලෝක කිරණ දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත විමයි.අවතල කාචයක් සහිත උපැස් යුවලක් පැලදීමෙන් මෙය වලක්වා ගත හැකිය. දුර දුෂ්ටිකතවය මෙහිදි දුර ඇති වස්තු නිරික්ෂණය කල හැකිවුවත් ලග ඇති වස්තු නිරික්ෂණය අපහසුවෙ.එයට හේතුව ලග ඇතිවස්තු වලින් පිටකරන කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගතවිමයි.මෙම දෝෂය උත්තල කාච සහිත උපැස් යුවල පැලදිමෙන්...
 සයුර මෙන් හිදිමින් සිසිලස දුන්නේ ඔබයි.  සදක් මෙන් හිදිමින් එළිය දුන්නේ ඔබයි.  නුග රුකක් මෙන්හිදිමින් සෙවණ දුන්නේ ඔබයි .  අසිමිත ආදරය මාතොට ජනයාට ලබාදුනේ ඔබයි. ඔබ මහරජු විමට පෙර කාලයේ. යුද බියෙන් වෙලුනා මුලු රටම. ජනසිත සනසලා බිය සැක දුරුකලා ඔබ. කියා දුන්නා ලෝකයටම. අප කේසර සිංහයන් බව. දකූණේ බුද්ධිමත් තින්දුව. නැවත ඔබට ලැබි ඇත. නැවත නැවත හඩ ගා කියමි මම . දෙස් විදෙස් ඇස් මවිත වී ඇති බව. ...
මෙන්න මහ කොටියාගේ කෙරුවාව.පුතා උපාධියත් අරන් කොහෙන්ද දන්නේ නැ නේද. අනේ අනේ මෙ වයසේ උතුරෙ හිටපු දමිල වැසියන් ගේ ලමයින්ට කොටියා පාසල් යන්න දුන්නේ නැහැ .ඒ ළමයින්ට අවි පුහුණුව .උන්ට පොත පත තහනම්.උන්ට තුවක්කුව මෙකගේ පුතාට උපාධිය ප්‍රභාග් විමුක්තියේ තරම.මොන කැම්පස් එකෙන් ගත්ත උපාධියකද කියලා තමයි ගැට...
ප්‍රභාකරන් ත්‍රස්තයා ලංකාව යටත් කරගැනිමට කල සැලසුම් වල එක් ප්‍රථිඵලයක් වන මෙම වැඩ බැරි ටාසන්ලා ටික දැන් කොහෝ සිටිදැයි අප නොදනිමි.බොහෝ විට යම රජු හමුවිමට ගොස් ඇත.මොවු දක්ෂ ගුවන් කරනන් ගැසිමටයි.මොවුන් ගේ අවසාන කරණම කොළඹ දි ගැසුවෙය.එය කෙතරම් දක්ෂ අන්දමින් කලාද කිව හොත් එක් ගුවන් යානයක් වෙලක දිග පළල මැන්න අතර අනෙක ගොඩනැගිල්ලක් සිඹිමින් කැබලි විය.ඒ සමගම ගුවන් බලයද ඔවුන්ට අහිමි විය.මෙම පිස්සෝ කණ්ඩායම මහ පිස්සා සමග මොනලෝකේ හිටියත් මුන්ට නිවනක්...
කොටියා නමැති සත්වයා ගේ රුව යොදාගනිමින් ලාංඡන සකසා මිනිසුන් ගේ මලමිණි උඩින් ලංකාව නැමති උතුම් රට ඛෙදා වෙන් කිරිමට තැත්කර කාලකන්නි ප්‍රභාගේ ඉරණම අපගේ. දකූණු ලකින් බිහිවු මහරාජා අතින් විසදුනු හැටි අපට ඉතා හොදින් මතකය.මම ආඩම්බර වෙමි මහ රජුනි ඔබ ගැන.අපි ඔබ සමගය ඔබ අපසමගය ඔබට රටෙම ජනයා හිස නමන්නේ ගරු කරන්නේ ඔබ ඔවුන් සමග ඔවුන් ගේ හදවත් වල ජීවත් වන බැවිනි. සුදුස්සාට සුදුසු තැන ඔබ ලබාදේ ඔබ ජනයාගේ දුක හදුනන නායකයෙකි.ආයුබෝවෙවා මහරජානන...
සදක් වි එලියදුනි නුග රුක්ක් වි සෙවන දුනි ආදරයෙන් මග කියාදුනි අදුරින් මිදෙන්නට නුඹ දුන් වෙර අපමණි ජීවිතය දිනන්නට නුඹ දුන් විරිය නිම් නැති ඉතින් අප ගුරුතුමනි වැජඹෙන්න සදාකල් සුවහසක් අයු ලබමින...
බැලු බැල්මට ආදකු මෙන් පෙනුනත් විදුලි අදායැයි නම් ලැබුවත් මෙම සත්වයා සැබෑ ආදෙකු නොවෙ.ඌ මිටර් 2.5 තරම් දිගක් දක්වා වැඩෙන දකූණු ඇමරිකානු මිරිදිය මත්ස්‍යයෙක්වෙ.මෙම සතාගේ ශරිරයෙන් පහෙන් හතරක් පමණම වලිගයයි.මෙම වලිගය සමාන්‍ය මත්ස්‍යයෙකුගේ මෙන් නොව සුවිශේෂි විලිගයක් වෙ.ඒ මගින් වොල්ට් 600 ක් පමණ අධික වොල්ටියතාවයක් යුත් ධාරාවක් නිකුත් කිරිමට ඌ සමත්ය.විදුලි ආදා නමින් හදන් වන්නේ ඒ නිසාය විදුලි සැර නිකුත් කිරිමට ගත වනකාලය තත්පරයකින් දෙදහසින් පංගුවක්...
1882 දි රොබටි කොක් නම් වෛද්‍ය වරයා විසින් ක්ෂය රෝගයට හේතුකාරක වන බැක්ටිරියාව වන ටියුවකියුලස් බැසිලස නම් ක්ෂද්‍ර ජිවි විශේෂය සොයාගන්නා ලදි. ක්ෂ රෝගය සැදිමට හේතු. 1.අහාර මද කම හා දුෂ්පෝෂණය. 2.අධික මත් පැන් පානය. 3.පමණ ඉක්මවා වෙහෙසිම 4.ඉඩකඩ මද පිරිසිදු වාතයේන් තොර ස්ථානවල ජීවත්විම. මෙම රෝගය බෝවිම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පෙනහලු වලටය නමුත් ශරිරයේ අන්ස්ථාන වලද එයි ඇතිවිය හැකිය.ධුලි සහිත අපිරිසිදු වාතයේ මෙම බැක්ටිරියාව බහුලව පවති.එම නිසා එවැනි වාතය ආශ්වාස කිරිමෙන් මෙම බැක්ටිරියාව ශරිරයට ඇතුලු වෙ.පෙනහැලි තුල මෙම ක්ෂද්‍ර ජිවන්...
 ඉකුත් සතියේ මාතර සිට පිටත්වු දුමිරියක ට්‍රක් රථයක් ගැටිමෙන් එහි ගමන්ගත් ට්‍රක් රථ රියදුරු එම ස්ථානයේම මිය ගොස් ඇත. ඔහු සමග ගමන් ගත් තවත් අයෙක් මෙම අනතුරින් තුවාල ලබා දිවි ගලවා ගෙන ඇත.මෙම අනතුරින් මිය ගොස් ඇති තැනැත්තාට අයත් ට්‍රක් රථය දුමිරියේ ගැටිමත් සමග අනතුර සිදුවු ස්ථානයෙන් මද දුරක් දුම්රිය මාර්ගය හරහා වැටි තිබු අකාරය එම ස්ථානයට ගිය අප හට දැකගත හැකිවිය. මෙම අනතුරින් දුම්රිය මාර්ගය හරහා පෙරළි තිබු ට්‍රක් රථය හෙතුවෙන් දුම්රිය මාර්ගයට...
මාස තුනක දිග නිහැඩියාව බිදිමින් අයුබොන්වන් ශ්‍රී ලංකා වෙබි අඩවිය නැවත ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරිමට හැකියාව ලැබිම. ඉතාමත් අගය කොට සලකමි. ඉතින් අපි යලි අත්වැල් බැද ගනිමු.ඔබගේ අදහස් අගය කර...
නිදහස් ශ්‍රි ලංකාවක හිමිකාරිත්වය සියළුම ශ්‍රි ලාංකිකයිනට දැන් ලැබි ඇත.දැන් අප සිටින්නේ දෑස් පිසදා ලොකය දෙස වරක් නොව දෙවරක් සිතා බැලිය යුතු යුගයකය.ඉන්දියාවෙ සිටි ඇතැමි නළුවන් දෙමළ සාමාන්‍ය වැසියන් ගැන හෙළු කිඹුල් කදුළු වල ස්වභාවය දැන් මැනවින් පෙනේ.වසර 2500 ඉතිහාසයකට උරුමකම් පාන රටවැසියන් ලෙස අප ඉතාමත් ආඩම්බර විය යුතුය.ඇතම් විජාතික බලවෙග වලට අපගේ තරුණ තරුණියන්ගේ තිබු හික්මිම හා හැදියාව විනාශ කිරිමට ඉඩ නොදිමට අප වග බලා ගත යුතුය.සංස්කෘතියට...
ශ්‍රී ලංකාව යනු දැන් එකම රටකි.විවිධ ජන වර්ග ජීවත් වුවත් විවිධ සංස්කෘතින් එහි ගැබ්වි තිබුණත් සෑම පුරවැසියෙකුගේම බලාපොරෝතුව යහපත් රටට වැඩ දායක පුද්ගලයෙකු විමයි. පෘථිවි තලය මත ඈත අතිතයේ ජිවත් නොදියුණු මිනිසා කිසි දිනක භුමිය ඛෙදා වෙන්කොට ජීවත්වුයේ නැත.භුමිය ඛෙදා වෙනකිරිම සිතු ප්‍රභා කරන් නැමැති ත්‍රාස්තයා සිහින මවාගෙන සිටි ඊලාම් සංකල්පය ඔහු සමග වනසා දැමිමට හමුදා සේනාන්ක ක්‍රියාත්මක වු ආකර ප්‍රසංසනිවෙ.අවිගත්තෝ අවියෙන්ම නැසියයි.ප්‍රභා අවියෙන්...
අති ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිදුන් දුටු ගැමුණු රජුට දෙවෙනි නොවන නායකයෙකි.අපගේ විරෝදාර රණවිරුවන් හා හමුදා ප්‍රධානින් දශමහා යොදයන් එදා දුටුගැමුණු රජුගේ දැත් සවිමත්කලා සේ දැත්සවිමත් කරන ලදි.සිදුවුයේ මහා දැවැන්ත දෙයකි දශක තුනක් ලංකාව උදුරාගැනිමට තැත්කල ලංකාව අමුසොහොනක් කරන්නට දරදිය ඇදි මහ කොටියා සහ ගොලබාලයින් අපාගතවිය. යම රජු ගේ දෙශය කරාගොස් ඇති ප්‍රභා දෙමළ ඊලම අපායේ පිහිටුවිම සදහා අපායේ අරගල කරනු ඇත.ලේපිපාසිත පාපතරයා දැන් ශ්‍රි ලංකා...
වර්තමානයේ ඇතැම් ගැහැණු ලමුන්ගේ අශාව වන්නේ භාගෙට හෙලුවෙන් පොත්ටිකක් මල්ලකට දමාගෙන කැමරා පොන් එක සහිත හැනඩ් බැක් එකක් අරගෙන.කනේ කරාබුවක් දමා කොන්ඩය පාටකරගත් බල්ලන් බදින සුදු යකඩ දම්වැලක් කරෙදමාගත් අයියා කෙනෙකු සමග හදිසියේවත් සුනාමියක් ආවොත් යැයි බියෙන් ඔහු වැරෙන් අල්ලා ගෙන මහපාරෙ ගමන් කිරිමයි. දෙමාපියන් මහන්සියෙන් උපයා දෙන මුදල ඔවුනට මදිය.මක්නිසාද ඇයගේ අනංගයා රැකියාවක් නෙකරන බැවිනි.දෙමාපියක් පංති ගාස්තු ගෙවන්නට දෙන මුදලින් අයියාගෙන් ඇතැම්...
ඉස්සර කාලේ සිටිය යොද උරගයන් වන ඩයිනෝසරයන් අද දක්නට නැත.උන් සිටියා නම් වර්තමානයෙ මිනිසාට නිදහසේ ජිවත්විය හැකි වාතාවර්ණයක් තබිමට හැකියාවක් නොමැත.මෙ අරුම පුදුම සතුන්ගේ අද ඉතිරිව තිඛෙන අස්ථි පද්ධති නිරික්ෂණය කිරිමෙන් ලබා ගත් තොරතුරු අශ්‍රයෙන් විද්‍යඤයන් විසින් ඔවුන් ගේ ප්‍රමාණය හැසිරිම හැඩරුව අදි ලක්ෂණ ලොවනට පෙන්වා ඇත.දන් ඔවුන්ගේ අළුත්ම උත්සාහය වන්නේ මෙම සතුන් නැවත මෙපිට නිර්මාණය කිරිමයි.කුකුළු යුක්තානුවකට ඩයිනෙසිරස් ජාන ඇතුළුකර එමගින් කරන...
මෙය පාසලේදී සිදුවන ලද සත්‍ය සිද්ධියකි.9 වසර ශිෂ්‍යයෙකුගේ පියෙකු දරුවාගේ අධ්‍යාපන තත්වය විමසිම සදහා මා හමුවිමට පැමිනෙණ ලදී. එම ශිෂ්‍ය මාගේ විෂයට දක්ෂයෙකු නොවිය.ගෙදරදි දෙන වැඩ කිසිදිනක පාසලට කරගෙන ආවෙනැත.මම මෙගැන පියාට දැන්විය.ගෙදරදී රුපවාහිණිය වැඩිපුර ලමයින්ට නැරඹිමට දීම තරමක් අනුවන ක්‍රියාවක්බව මා ඔහුට පවසන ලදි.දරුවාගේ පියා ක්‍රියා සිටියේ කිසිදිනක ටි වි අනව්‍ය විදියට දරුවාට බැලිමට තම ඉ ඩ දී නොමැතිබවයි. පියා නික්ම ගිය පසු මම දරුවාගෙන් විමසා සිටියේ ඊයෙ පාසල නිමවි ගෙදර ගිය පසු නැරඹු වැඩසටහන් පවසල ලෙසයි.සර් ගෙදර ගිය ගමන් චිත්‍ර...
පෙම්වතුන්ගේ රසවත්ම කැම ලුණුයි බතුයි පමණි.ඔවුනට ඒ දේ ලැඛෙනවා නම් ඇතිය.ලුණුයි බතුයි කා පෙම්සැප විදිමට දවසම යහනක සුවසේ සිටිමට පියකරයි.නමුදු ලුණුයි බතුයි ඉඛෙ ලැඛෙද පෙම්වතුන්ට සහනාදාර දීමට කවුරුන් වත් දැනට පියවරගෙන නැත.එසේ නම් ලුණුයි බතුයි කැමට රැකියාවක් අවශ්‍යවෙ.ඇත පෙනෙන කන්දක පැලක් අටවා ගැනිම ඊලග සිහිනයයි.නමුත් කදු උඩ ඉඩම් දැන් සංචාරක නිකේතන සැදීමට යොදාගන්නා නිසා එහි මිල අදික විමට හැකිය.පැලක් අටවා ගැනීමට ඉඩමක් මිලදී ගැනිමට මුදල් සෙවිමට රැකියාවක්...
මෙම ඛෙබ් අඩවියේ අඩුපාඩු ගොඩක් මම ඔයාලගේ උදව් නිසා නිවරදි කරගත්තා.ඇත්තටම මෙම වෙබ් අඩවිය අරම්භකරපු දවස් වල ඉදල අද දක්වාම මට ඊමෙල් හරහා දැනුම සපයපු.කමෙන්ට්ස් හරහා මාව දැනුවත් කරපු අයට ගොඩක් ස්තුතියි කියල කියන්නේ නෑ තරහවෙන්න එපා මට ඒවචනය මදි වගේ මම ඒ අයට කියන්නං ගොඩක් පිං කියලා.ඔයාලගේ අදහස් වලින් හා දැනුමින් මට ගොඩක් දුර යන්න පුළුවන් වෙවි.ඉදිරියට දිගටම මාත් එක්ක ඉන්...
ලොව විශාලතම ස්වාධින ජීවියා ලෙස සැලකෙන්නේ කැලිෆෝනියානු රෙඩ්වුඩ් ශාකයයි.මෙය සදාහරිත වෘක්ෂයක් ඒවගේම මෙයා තේජාන්විත පෙනුමක් ලැබීතියනවා.මෙයාගේ මහත නැතිනම් වට ප්‍රමාණය මටර් 24 ක් පමණ.ඒවගේම උසින් මිටර් 120 ක් පමණවෙනවා.මෙම ශාකය වැඩිපුරම හමුවන ස්ථානයක් තමයි උතුරු ඇමරිකාවෙ වයඹ වෙරළ තීරය.මෙම ශාකයට වසර 2400-4000 පමණ ආයුකාලයක් ඇතැයි සැලකෙනවා.මෙම ශාකයේ බර ඇස්තමෙන්තු කරල තියන ආකාරයටනම් ටොන් 2000ක් පමණ....
අප සමාජයේ ප්‍රජනක සෞඛ්‍ය හා ප්‍රජනක පද්ධති ආශ්‍රීත ක්‍රියා පිළිබද විවිධ දුර්මත පවතී.මෙවා නිසා ඇතැම් අය නිකරුනේ මානසික පීඩා ඇතිකරගනී. මල්වරවීම පිළිබද දක්වන පිළිවෙත්(වෙන්කර තැබීම.පිරිමි අය දැකිම නරක යැයි සිතිම.ආහාර තහංචි පැනවීම) ස්වප්න මෝචනය හේතුවෙන් ශාරිරික හෝ මානසික දුර්වලතා ඇතිවෙයැයි හැගිම. ලිංගේන්ද්‍රියන් වල ප්‍රමාණය ලිංගික ක්‍රියා සදහා බැලපැමක් ඇතැයි සිතීම. පළමු ලිංගික සංසර්ගයේදී රධිරය පිටවීම කන්‍යභාවය ඔප්පු කිරිමට පැහැදිලි අනිවර්ය...
දියණියක් පති කුලයට පිවිසෙන විට දෑවැද්දක් දිය යුතුමද? පවතින ආර්ථිකය හමුවෙ මෙය මනමාල පර්ශවයෙන් බලාපොරෝතුවිම හරිද?එසේම පතිකුලයට පිවිසෙන දියණියකට දියයුතු දෑවැද්ක කොපමණ වටිනාකමක් අන්තර්ගත විය යුතුද?ලයන්න දැන්මම යෙදෙමු අප සංවාදයක ඔඛෙ අදහස් සමගින්...........
ස්භාවික පරිසරයේ බිම්මල් පිපි ඇති ආකාරය අපට භාහිර පරිසරය හොදින් නීරික්ෂණය කිරිමෙදී දැක ගතහැකිය.නමුත් ඇතැම් බිම්මල් අප අහාර වශයෙන් නොගත යුතුය.ඊට හේතුව ඇතැම් බිම්මල ශරීරයට විෂ සහිත විමයි.වර්තමානයේ බිම්මල් සදහා හොද ඉල්ලුමක් පවති.මස් මාංශ ආහරයට නොගන්නා අය බිම්මල් ආහාරයට ගැනිම ඉතා යෝග්‍යය.ඔවුන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරා ගැනිම සදහා බිම්මල් ඉතාමත් හොද ආහාරයකි.පහසුවෙන් සපයා ගත හැකි ද්‍රව්‍ය යොදා වගාකර ගතහැකිවිමත් ඉතා හොද ආදයම් මාර්ගයක් විමත් නිසා...
මෙයා තමයි මල්ලෝකේ ඉන්න ලොක්කා.එහෙම නැතිනම් ලොව විශලම මල.මෙයා දකින පුළුවන් වෙන්නේ.මැලේසියාම ඉන්දුනීසියාව වගේ රටවල් වල.මෙහි විශ්කම්භය සේටිමිටර් 90 විතර වෙනවා.මෙයාගෙ නම තමයි රැෆ්ලෙසියා.මෙහි පෙති පහක් හැබැයි.මෙයා සුවදනම් නැහැ.කොච්චර ගදද කිවුවොත් මෙයාගෙන් හමා එන්නේ කුණු මස්වලට සමාන දුගද...
මෙම ජන්මානුවෙන් වෙන්නේ මොනවද කවුරුත් දන්නවා.නමුත් මෙය දැකල නැතිවෙන්න පුළුවන් .එසේනම් මෙහි බිත්තර කහ මදයක පෙනුම ගන්නේ ස්ත්‍රී ජන්මානුවයි. (කහ පැහැති කුඩා ගෝලාකර හැඩය) බිත්තර කහ මද කිවුවම මතක් වුනේ බිත්තර කහ මදය කියන්නේ කිකිළියගේ ජන්මානුවට.එක තමයි අපි ආහාරයට ගන්නේ.ලෝකේ තියන විශාලම ඩිමිබය හැටියට සැලකෙන්නේ පැස්බරාගේ ඩිමිබ...
මාතර කොලඹ බසයකට මා ගාල්ලෙන් ගොඩවිය.සෙනග වැඩිපුර බස් රථයේ නොසිටි නිසා මා ඉදගන්නට හිස් අසුනක් සෙවිය.එකවරම මාගේ නෙත ගැටුනේ.බසයක පිටු පස අසුන වෙතය.එහි පෙම්වතුන් යුවල සතරකි.ඔවුන් බරපතල කාර්යන් වලය එවා ඒකිනෙක විස්තර කලයුතු නැත.නමුත් කල කිරිමක් ඇතිවුයේ ඔවුන් කාමරයක සිදුවිය යුතු ඇතැම් දැ හටක් හැත්තැවක් ගමන් ගන්නා එම බස්රථය තුල සිදුකිරිමයි. මෙ අතර මවක් සමග පැමිණි කුඩා කොළුවෙක් මෙදෙස බලමින් පාඩම් ඉගෙනගනී.මෙම ආකාරයට පෙම්වතුන් බස් රථ තුල හැසිරෙනම්...
අපි ලෝකේ වැඩිපුරම ආදයර කරන්නේ කටද කියල මම ඇහුවොත් ඇතැම් අය කියාවි මම වැඩිපුරම අදරය කරන්නේ අහවලාට අහවලාට කියලා.කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඇත්තට ම අපි වැඩිපුර ආදරය කරන කෙනා කන්නාඩියක් ඉස්සරහට ගියාම අපිට පේනවා.එක තමයි සත්‍ය එසේ නම් තමන්ගේ අනාගතය ගොඩ ගන්න සාර්ථක කරගන්න එක තමයි.ඒ ආදරයට දෙන්න පුළුවන් ඉහලම දේ .කෙනෙක් දුටු පමණින් අපිට ඇත්තටම ඇතිවන්නේ ආදරයක් ද ඔඛෙ අදහස් ලියන්න මට ඊලග ලිපියට එවා බොහොම වටිනවා...
කොලඹ ඉදල මාතර ප්‍රදේශයට එනකොට කඹුරුගමුව හංදිය පහුවෙනවාත් එක්කම තමයි මෙ වැව පිහිටල තියෙන්නෙ.කුඩා ප්‍රමාණයේ වැවක් උනත් මෙක හරිම ලස්සනයි.මෙම වැවට පිටුපසින් පිටල තියනවා මාතර කොලඹ දුම්රිය පාර.දුමිරියෙන් මාතර එනකොටත් මෙක දකින් පුළුවන් නමුත් බස් රථයේ එන කොට තමයි මෙ වැව හොදට බලාගන්න පුළුවන් වෙන්නෙ.මෙම වැව ජලජ ශාක වලින් පිරිලා ඇතැම් කාල වලදී නෙළුම් මල් වලින් පරිල යනවා .එතකොට නම් පුදුම ලස්සනක් තියෙන්න...
දවසම වෙහෙසයි .. නෙත් දෙක විඩා බරයිමැදියම් රැයේදී නොදැනිම පියවිසහින සාගරයේ කිමිදෙමින් නිතරම සිහිනෙනම පෙන්වන ඔඛෙ රුව හැමදමා මෙගේම කරගන්නට කාලයට ඉඩදෙමිඅසරණයි මා සිතැත්තියේසිතනවිටත් ඔඛෙ ඇසුර....එනමුදු නික්ම යන්නටබෑ මට ඔඛෙ ලගම ඉන්නම් සිතින් හෝජීවිතය පුර...
පිදුරුතලා ගල කන්ද 2524 කිරිගල් පොත්ත 2389 නකල්ස් 1863 ශ්‍රී පාද කන්ද 2243 කිකිලියාමාන 2237 නමුණුකුල 2036 කොනිකල් හිල් 2100 මහ කුඩා ගල 2097 කිරිගල් පොත්ත 2389...
ලස්නන ශරිරයක් යනු අධික කෙසග ශරිරයක් වත් අධික තරබාරු ශරිරයක් වත් නොවෙ.තම සිරුර ලස්සනව තියා ගැනිමට සදහා කවුරුත් කැමතියි.ඇතැම් අය බොහෝ වෙහෙස මහන්සිවෙ.නමුත් ලස්සන සිරුරක රහස සැගවී ඇත්තේ ඔබ ලබා ගන්නා අහාරය මතයි .මෙ සදහා සමතුලිත ආහාර වෙලක් ඔබගේ ආහාර වෙල් සදහා එක්කර ගතයුතුයි.තුලිත ආහාරයක ප්‍රධාන පෝෂක පහත පරිදි අන්තර් ගත විය යුතුයි. කාබෝහයිඩෙට සියයට 55 ප්‍රතිශතයක්. ප්‍රෝටින සියයට 15 ප්‍රතිශතයක්. මෙද සියයට 30 ප්‍රතිශතයක්. මිට අමතරව අතුරුපස ලෙස...
මෙම ලිපිය ලිවිමට සිතුනේ ඇතම් තරුණියන්ගේ සහ තරුණයන්ගේ වැඩකට නැති වැඩ දැකිමෙනි .ඔවුන් රුප ලාවණ්‍ය සදහා විශාල උනන්දුවක් දක්වයි.එය හොද දෙයක්ලෙස සැලකිය හැකි වුවත් එහි සීමාව ඔබ දැනගත යුතුය. අප ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනිමට නම් අප ගන්නා සංකිරණ ආහාර සරල ද්‍රව්‍ය බවට පත්කල යුතුය( කාබෝහයිඩෙට පෝටින )එසේ කිරිමට අහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම ඇත .ඇතම් අය මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දිම සදහා යැයැ කියමින් කැරට් .කිරි .කෙසෙල්ගෙඩි.යෝගට් වැනි දැ මුහුනේ ආලේප කරයි.මෙවා...
විද්‍යාව යනු ස්වභාව ධර්මයේ රහස් එලිකරගන්නා මාර්ගයකි.විද්‍යාත්මක වශයෙන් යම් දෙයක් ගැන ඔබව හැකි ආකාරයෙන් දැනුවත් කිරිමට ඊමෙල් කරන්න.අදුරෙන් මිදි ආලෝකයට පැමිණෙන්න සුදුසු කාලය එළඹ ඇත.මෙ විද්‍යාවෙන් ඉදිරියට යාහැකි කාලයකි....
උතුරු ඇමරිකාවෙ කැලිෆෝනියා ප්‍රාන්තයේ පොයින්ට් ඇරීනා සිට ඉම්පීරියල් මිටියාවත දක්වා කිලෝමිටර් 1000 පමණ දිගැති පැල්ලමක් පොළොව මතුපිට දැකිය හැකිය.මෙය පෘථිවියේ භූතල මායිමක් ලෙස සැලකෙනවා.මෙය දෙපස ඇති භූතල දෙක තමයි උතුරු ඇමරිකානු භූතලය සහ පැසිෆික් භූතලය.මෙම මායිම දිගේ භූමිකම්පා ඇතිවෙන...
දරුවෙක් යනු පවුලකට සම්පතකි. ඇතැමි පිරිමි ගැහැණු දරුවන් තම පවුලට ලැබීම පිළිබද කනස්සල්ලෙන් පසුවෙති.ඇතැමි විට දරුවා ලැඛෙන්නට ආසන්න තම බිරියට පවසන්නේ පිරිමි දරුවෙක් නොදුන්නොත් නැවත එක්වහලක් යට නොඉන්නා බවයි.ඇත්තෙන්ම ගැහැණු දරුවෙකු හෝ පිරිමි දරුවෙකු ලැබිම සම්බන්ධව වග කිවයුත්තේ පියාය.මක්නිසාද ලිංගනිර්ණය සිදුවන අපගේ 23 ජනා යුගලයෙනි.අපගේ ජාන වලින් අඩක් මවගෙන් ලැබුන අතර අනෙක් අඩ පියාගෙන් ලැබුනි(23+23=46) මවගෙන් ලැඛෙන්නේ X නම් වර්ණදෙහය පමණි.පියාගේ...
සුනාමිය ඇති වු දා මට හොදට මතකය.එදා සතියෙ නිවාඩු දිනකි.එ නිසාම මම නිදිහනෙන් බැසිමට අකමැතිවුයෙමි.වෙලාව පෙරවරු 7ට පමණ විය .මා නිදි සිට ඇද සෙමෙන කවුරුන හෝ විසින පද්දනු ලබන බව මට දැනෙන්නනට විය. හිස ඔසවා බැලුවෙමි කවුරුත් නැත.එක්වම මගේ සෙහොයුරු භූ චලනයක් යැයැ කියනු මට ඇසුණි. මින් පෙර නොවු මෙම අද්දැකිම මම කුතුහලයෙන් බලා උන්නෙමි.ටික වෙලාවකි සෙලවිම සියල්ල නතර විය .මම සුපුරුදු පරිදි මාතර නගර කරා ගියෙමි .නගරයේ මහ මුහුද අසල ඉරිදා පොළ පැවැත්වුනි .අන්නාසි...
සමහර අයගේ ඔසප් චක්‍රය ක්‍රමානුකුලව සිදුවිමට මල්වර වී වසර දෙකක් පමණ ගතවිය හැකිය.(මෙය රෝගී තත්වයක් නෙවෙ) ආර්තවය ආරම්භයට දිනකට හෝ දෙකකට පමණ ප්‍රථම හිදරදය .යටි බඩ වෙදනාව.වැනි අපහසුතා ඇතිවිය හැකිය (මෙය රෝගී තත්වයක් නොවෙ) ආර්තවය දිනවලදී පිරිසිදු ව සිටම ඉතා වැදගත්ය. ඒබැවින් පිරිසිදු සනීපාරක්ෂක තුවා.ස්නානය .ඇගසෙදිම.නිසිපෝෂණය ලැබිම වැදගත...
අපි කවුරුත් දන්නවා පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන.මෙම පද්ධතියෙ ප්‍රධාන ලිංගේන්ද්‍රියන් වන්නේ වෘෂණ හා ශිශ්නය .මෙවා උදරකොටසෙහ පහළින් ශරීරයේ බාහිරින් පිහිටල තියෙනවා .කලල අවස්ථාවෙ උදර කුහරය තුළ වැඩෙන වෘෂණ ක්‍රමයෙන් දරුවා උපත ලබන අවධිය වන විට සිරුරෙ පිටත වෘෂණ කෝෂ තුළ පිහිටනවා.මෙය හේතුව වන්නේ වෘෂණ තුල පුරුෂ ජන්මානු නිපදවීමට සහ ඒවායේ වර්ධනයට අඩු උෂ්ණත්වයක අවශ්‍යවීම. වයස අවුරුදු 12- 14 පමණ වන විට පුරුෂ ජන්මානු නිපදවීම ආරම්භ වෙනවා.එය ජීවිත කාලය පුරාම...
ආහාර පුරුදු හා චර්යා සෞඛ්‍යමත් ජීවිතයක් කෙරෙ බලපායි.ආහාර ගැනීමෙ ඉරියව්.වෙගය .ආහාර තෝරා ගැනීමෙදී දක්වන ආකල්ප වැදගත් කොට සැලකිය යුතුය.ආහාර යෙන් පසු සීතල ජලය පානය කිරිම. ජලය වෙනුවට කෘතීම පානයන් භාවිතා කිරිම.අහාර ගත් විගස නිදාගැනිම නොකල යුතුය.අහාර ප්‍රමාණය තෝරා ගත යුත්තේ පුද්ගලයාගේ කුසේ ඉඩ අනුවයි. සිමාව ඉක්මවා අහාර ගැනිමත් ශරීරයට ගත යුතු අහාර ප්‍රමාණය නොගැනීමත් සෞඛ්‍යයට තර්ජන ඇති කරයි .මෙහිදී සියලු පෝෂක අඩංගු සමබල අහාර වෙලක් ලබාගැනිම වැදගත්ය.එසේම...
ගැහැණු සත්වයෙකුගේ ඩිම්බ නිශ්පාදනය වන්නේ ඩිම්බ කෝෂ තුල.දින 28 කට සැරයක් මෙම එක් ඩිමිබ කෝෂයකින් එක් ඩිමිබයක් පිටවෙනවා .සමහර අවස්ථාවලදී ඩිමිබ කෝෂ දෙකෙන්ම ඩිමබ මෝචනය වෙන්න හැකියාවක් තියෙනවා.ලිංගික සංසර්ගයකදී ගැහැණු සත්වෙකුගේ ගර්භාෂයට පිවිසෙන පුරුෂ ජන්මානු වලින් ඩිම්බ දෙකක් සංසේචනයවී වෙන වෙනම ගර්භාෂ බිත්ති තුල ගිලිලා විකෂනය වන්න පුලුවන් එහේම ඇති වන දරුවන් හදුන්වනේ විෂම නිවුන්නු කියලා.ඇතැම් අවස්ථාවලදී එක් ඩිමිබයක් සංසේචනයකින් පස්සේ ඇතිවන යුක්තානුව...
මෙම රාක්ෂ කුළුණ පිහිටල තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ .මෙය ඇමරිකා එක්සත් ජනපදයේ පළමු ජාතික ස්මාරකය වෙනවා.දුටුවන් විශ්මයට පත්කරන මෙය මිට වසර මිලියන 50 කට පෙර විදාරණය වු ගිනි කන්දක තොරතුරු අපට පවසනවා . පොළොව තුළදී විලයනය වු බැසෝල්ට්. ලාවා ලෙසින් පොළොවෙන් ඉහළට විදින ලද නළයක ඉහළ කෙළවරක් වශයෙන් මෙය සැලකෙනවා .එම ලාවා සෙමෙන් සිසිල් වෙමින් කුළුණු සමුහයක් ලෙස ගොඩනැගි තිඛෙනව...
ලෝකයේ ජනග්‍රහනය වැඩිවෙමින් පවති .නමුත් මෙම වැඩිවන ජනග්‍රහනයට සාපේක්ෂව ලෝකයේ සම්පත් වල වැඩිවිමක් දැකිය නොහැකිය. ජනග්‍රහනය වැඩිවිමෙන් සිමිත වු සම්පත් සදහා අසීමිත ඉල්ලමක් ඇතිවෙයි .එසේ නම් මෙම සීමිත සම්පත් තිරසාරව පාරිභෝජනය කිරිමට ජනගහනය සීමාවිය යුතුය. උදා- එක්තරා රටක එක් ගංගාවක සුදු හංසයින් ජීවත්විය .මෙම ගංගාවෙ සිටි කිඹුලන් මෙම හංසයින් ආහාර පිණිස මරාදමන ලදි .මෙම සිදුවිමට විරෝදය පැ ගම් වැසියන් විසින් කිඹුලන් සියල්ල මරා දමන ලදි.අවසානයේ සිදුවුයේ...
දිගු වියැළි සෘතු පවතින ප්‍රදේශවල වැඩෙන ශාක ජලය ගබඩා කර තැබීම සඳහා දක්වන හැඩ ගැසීම් ඉතාම ච්ත්තාකර්ෂණිය වෙනව.බටහිර අප්‍රිකාවෙ සෙනගල් රටෙ වැඩෙන ඛෙඔබැබ් ගස මිට හොදම උදාහරණයක් .මෙම ගසේ උපරිම විශ්කම්භය මිටර් 9ක් උස් මිටර් 18 ක් .වැසි සමයෙදි මෙහි මෘදු තන්තුමය කද තුළ ජලය ලීටර් 100000 ක් පමණ පුරවා ගබඩා කර තබාගන්නවා .මාස ගනනක නියං සමයක් ගෙවිම සදහා මෙම ගබඩා කරගත් ජලය ප්‍රයෝජනවත් වෙනවා...
ස්ත්‍රීයක් හා පුරුෂයෙකු අතර ඇතිවක සංසර්ගයක ප්‍රථිඵලයක් ලෙස නව ජීවියෙකු බිහිවෙනවා.මෙම ජනිතයා හට ගැනීමට නම් මානවයාගේ විශාලම සෙලය ස්ත්‍රී ජන්මානුවකත් මානවයාගේ කුඩාම සෙලය වන පුරුෂ ජන්මානුවකත් න්‍යෂ්ටි එකතුවිමක් සිදුවිය යුතුයි . පුරුෂයන්ගේ පුරුස ජන්මනු නිපදවිම පිරිමියා වැඩිවියට පත්විමත් සමග ආරම්භවෙනවා.ස්‍රක්‍රධර නාලිකා බිත්තියෙන් නිපදවන මෙම පුරුෂ ජන්මානු පරිණත වෙනකොට නාලිකාවල මධ්‍යයට තල්ලුවෙනවා . මෙම ක්‍රියාවලිය සිද්ධවෙන්නේ ශරීර උෂ්ණත්වයට...
අපගේ නිවෙස් වල සමාන්‍ය විදුලි ධාරාව වොල්ට් 230 කි.නමුත් අකුණු පහරක වොල්ට් මිලියන 100 පමණ අන්තර්ගතවිමට පුළුවන. අකූණු භූගතවන ආකාර හතරක් ඇත. 1. සෘජු අකුණු හුදකලාව තැනිතලා බමික සිටින මිනිසෙකුට හෝ පවති ගොඩනැගිල්ලකට අකුණු වැදිම සෘජු අකුණු නම්වෙ. 2.පාර්ශ්වික අකුණු උස ගසකට වැදුණු අකුණකින් කොටසක් මිනිසෙකුගේ ශරීරය තුළින් හෝ ගොඩනැගිල්ලක් තුළින් භූගතවීම පාර්ශ්වික අකුණක් නම්වෙ. 3.ස්පර්ශ අකුණු දුරකථන.විදුලිරැහැන්.ඇන්ටෙනා වයර්.ආදිය ඔස්සේ ගොඩනැගිල්ලට...
දෙමවිපියන් දහසක් බලාපොරොත්තු පෙරදැරිකොට දරුවෙකු මෙලොවට බිහිකරයි.එමදරුවා යහපත රටට වැඩදායි පුරවැසියෙකු කිරීම බොහෝ දෙමවිපියන්ගේ අරමුණබව අමුතුවෙන් කිවයුතු නැත පාසල නිමවුවාට පසු උපකාරක පංතියට යවන්නේ ඉගෙනුම් ක්‍රියාවලිය තවත් ප්‍රගුණ කිරිමටයි නමුත් නවයොවුන් විය එළඹෙනවිට ඔවුත් තනි තිරණ වලට වැඩකිරිමට යොමුවෙ. පේමයේ සුවය විදිමින් කාලය ගත කරන්නේ අධ්‍යාපනයෙ අගය තුටිටුවට මායිම් කරකගෙනයි. ලුණු බතුයි කා පැලක හෝ තම පෙම්වතාගේ හෝ පෙම්වතියගේ සිරුරෙ වෙලෙන...
ශරීරය නිසි පරිදි නඩත්තු කළ යුතුය.ඒ තුළ ඇති විවිධ උපාංග වල ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගත හැකි වන්නේ එවිටය.වහනයක් පිළිබද සිතන්න.එයට ඉන්ධන අවශ්‍යයි .එය ක්‍රියාකරවිමට පෙර එහි තත්වය ගැන සුපරික්ෂාකාරී විම අවශ්‍ය වෙනවා.ඒවගේම එයට නිසිවෙලාවට සේවා සැපයීම් සිදුකල යුතුයි.වාහනයකට නිසි සැලකුම් නොකර එයින් උපරිම ප්‍රයෝජන ලබා ගැනිමට උත්සාහ කලහෝත් එය ඉක්මනින්ම අබලන්වෙනවා .ඇතැම් තරුණ තරුණියන් සිතන්නේ ඔවුන් හොද ශරිර සෞඛ්‍යයෙන් පසුවන හෙයින් ඔවුනට බරපතල රෝගයක්...
මීට වසර 2200 කට පෙර කැළණිය ප්‍රදේශයට මුහුද ගොඩගැලීමක් ගැන සඳහන්වෙ එකල කැළණි තිස්ස නම් රජෙකු කැලණිය අගනුවර කොට රාජ්‍ය පාලනය ගෙන ගියේය රජුට දේවි නම් දියණියක් ද වුවාය. රජුගේ බාල සොයුරු උත්තිය කුමාරයා රජුගේ බිසව සමග රහස් සම්බන්ධයක් ඇතිකර ගෙන තිබුණි.රජුට මෙ සම්බන්ධය හෙළිවිය.මේ හේතුවෙන් උත්තිය කුමාරයා ඇත ප්‍රදේශයකට පැන ගියේය. නමුත් රජුගෙ බිසව ගැන අමතක කිරීමට ඔහුට නොහැකිවිය.ඔහු ශ්‍රමණ වෙස්ගැන්වු මිනිසෙකු අත හසුන් පතක් රජුගේ බිසවට දීමට රජ මාලිගයට...
ශ්‍රී ලංකාවෙ ගොරකා ප්‍රභේද තුනක් වැවෙනවා මෙවා හදුන්වන නම් තමයි මළ ගොරකා රතු ගොරකා හා එළ ගොරකා මෙවායින් රතුගොරකා සහ එළ ගොරකා අහාර පිණිස ගන්නවා ඖෂධ සදහා ගොරකා වල මල් පොතු හා කොළ ප්‍රයෝජනයට ගන්නාවා බිදුනු අස්ථි සවිකිරිමට වගේ දෙව්ල්වලට ගොරක ප්‍රයෝජනවත් වෙනවා මළ ගොරකාවල ඇට වලිනි ලබා ගන්නා තෙල් ඖෂධ පිණිස ප්‍රයෝජනයට ගන්න...
අලුත් මාළුවෙකු හදුනා ගැනිම අලුත් මළුන්ගේ සම දිප්තිමත්ව දිලිසේ කරමලයේ පැහැදිලි ලේ රතු පාටක් ඇත කොරපොතු තදින් සමට සවි වි ඇත වලිගයෙන් අල්ලා නැමු විට අලුත් මළුවා නොනැමෙ ඇගිල්ලෙන් තදකර බැලු විට අලුත් මාළුවන්ගේ මාංශ තද ස්වභාවයක් ගනී වලිගයෙන් සහ හිසෙන් අල්ලා ඇද බැලුවිට කොදූ ඇට බිදෙන හඩ දැනෙයි මළුවා නරක්වී ඇත්නම් වලිගයෙන් ඇල්ලු විට නරක්වු මාළුවා නැමෙයි කරමලය දුඹුරු පාටයි ඇගිල්ලෙන් තද කළ විට ඉතා මෙළෙක් ගතියක් දැනෙයි සම මතුපිට තුවාල වී ඇත...
පළමුව පවුල් ජීවිතය දෙදෙනා සාකච්ඡා කොට සැලසුම් කරගන්න දරුවන් කීදෙනෙක් හදනවාද කුමන කාලයේදීද කියන එක ඒවගේම දරුවන් සදහා යහපත් අනාගතයක් ඇතිකරගන්නේ කොහොමද කියන එකත් හිතල බලන්න වයස අවුරුදු 19 ලබන නොමැතිනම් දරුවන් හදන එක එතරම් සුදුසු නැහැ නිසි වයස එනතුරු තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්න (කොන්ඩම් හෝ ගිලින පෙති භාවිතා කල හැකිය) විශේෂයෙන්ම ගැබිගැනිමට පෙර රුඛෙල්ලා එන්නත ලබාගැනිම වැදගත් ගැබ්ගැනිමට මාස 03 කට වත් පෙර රුඛෙල්ලා එන්නත ලබාගත...
ළමා විවාහ නිසා ලාබාල දෙමාපිය භාවය ඇතිවෙ ළමා විවාහයක් යනු යුගදිවියට එළඹෙන දෙදෙනාගෙන් එක් අයෙකු හෝ වයස අවුරුදු 18 අඩුව සිදුකරනු ලබන විවාහයන්ය මෙම විවාහයන්ට හේතු රාශ්‍රියක් දැකිය හැකිවුවත් මෙහි වඩාත් භයානක පැත්තවන්නේ වයස අවුරුදු 15 අඩුවු විට ගැහුණු ළමයින් ගර්භණි සමයේදී සහ දරුප්‍රසුතියේ දී මියයාමට ඇති ඉඩ ප්‍රශ්තාව වැඩිවිමයි අධ්‍යාපන ලබන්නට හරිහැටි අවකාශ නොලැඛෙන බැවින් රටක දියුණුවට උරදීමෙ හැකියාව විරලවිය හැකිය...
ගැහැණියකට ලබන්න පුලුවන් උතුම්ම පදවිය තමයි මවක් වීම නමුත් දරුවන්ට මව් කිරිනොදී පිටිකිර දෙන අම්මලාත් ඉන්නවා සාදාරන හේතු මත නොවෙයි තමන්ගේ රූපය අඩුවෙයි කියල හිතලා දරුවෙකුට මවිකිරි තරම් ගුණදායක ආහාරයක් මෙලොව තියනවද නහැ දරුවට මොවහරිදීලා බඩ පුරවන්නේ නැතුව දරුවාට අයිති මවිකිරි මවුකිරිටික ලබාදෙන්න සමහරවිට එයලා දන්නේ නැතුව ඇති මවිකිරිවල වැදගත් කම මෙන්න මවුකිරි දරුවෙකුට ලබාදීමෙ වැදගත්කම මව්කිරි සියට සියක්ම පිරිසිදු නිසා විෂබීජ වලින් තොරයි දරු වාගේ...

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.