MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

ඔබ වැඩිපුර ආද.....කටද?

Posted by ishan abeywarna Apr 4, 2009

අපි ලෝකේ වැඩිපුරම ආදයර කරන්නේ කටද කියල මම ඇහුවොත් ඇතැම් අය කියාවි මම වැඩිපුරම අදරය කරන්නේ අහවලාට අහවලාට කියලා.කියන්නා කෙසේ කිවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි. ඇත්තට ම අපි වැඩිපුර ආදරය කරන කෙනා කන්නාඩියක් ඉස්සරහට ගියාම අපිට පේනවා.එක තමයි සත්‍ය එසේ නම් තමන්ගේ අනාගතය ගොඩ ගන්න සාර්ථක කරගන්න එක තමයි.ඒ ආදරයට දෙන්න පුළුවන් ඉහලම දේ .කෙනෙක් දුටු පමණින් අපිට ඇත්තටම ඇතිවන්නේ ආදරයක් ද ඔඛෙ අදහස් ලියන්න මට ඊලග ලිපියට එවා බොහොම වටිනවා.

3 comments

  1. Leo Sadeepa Says:
  2. ඔබ හරි. මම හිතනවා අපේ ඇතුලාන්තයෙන් මේ ප්‍රශ්නය ඇහැව්වෙත් ලැබෙන පිලිතුර මේකයි.

    මට මතක හැටියට කොසොල් රජ මල්ලිකා බිසවගෙන් මෙම ප්‍රශ්නය ඇහලා තියනවා. මල්ලිකාව දීලා තියෙන්නෙත් මේ පිලිතුරමයි. රජතුමාට අසූහාරදාහට කේන්ති ගිය විට බුදුහාමුදුරුවොත් මේ පිලිතුරම දීලා රජතුමාව අස්වසලා තියනවා.

    අනෙක් අපි අනිත් අයට ආදරය කරන්න කලින් අපට ආදරය කරන්න ඕනේ නේද ? ඔබ අනෙත් අයට ආදරය කරන්න ඔබ රැකිලා ඉන්න ඕනේ.

     
  3. Anonymous Says:
  4. අපිට පුලුවන්නම් අපිටම හරියට ආදරය කරන්න අපිට පුලුවන් වේවි ලෝකයටම ආදරය කරන්න...

     
  5. ඔබේ ප්‍රශ්නයට පිලිතුරු දීමට පෙර යමක් පැවසිය යුතුය. "ආදරය" යන වචනයෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? යන බව පැහැදිලිව තේරුම් කල යුතුය. ආදරය යන වචනය ඉතා ලිහිල්ව සිංහල භාෂාවේ භාවිතා වුවද, එහි තේරුම විවිධාකාරයෙන් සැලකිය හැකිය. ගැහැනියෙක් හා පිරිමියෙක් අතර ඇතිවන හැඟීම් වලට සාමාන්‍යයෙන් ආදරය ලෙස සමාජය හඳුන්වයි. මේ හැරුනු විට මවක හා ඒ මවගේ දරුවකු අතර ඇති බැඳීමටද ආදරය යයි පැවසෙයි. නමුත් ඒ ආදරයේ වෙනසක් ඇත. මව දරුවාගෙන් කිසිවක් බලපොරොත්තු නොවෙයි. එමනිසා ආදරය යන වචනය තව දුරට විග්‍රහ නොකොට නිසි පිලිතුරක් දීමට අපහසුය. අපේ භාෂාව දෙස බලන විට කරුණා, දයා, උපේක්ෂා, මෛත්‍රී වශයෙන් සමාන හැඟීම් විග්‍රහ කිරීමට පුලුවන. මේ වචන වල තේරුම නියතය. තවද ලිංගික හැඟීම් වලට බර අපේ වියරු සමාජය ආදරය යනුවෙන් අදහස් කරන්නේ ලිංගික දෑ හා සම්බන්ධ කුහක හැඟීම් වලටය. එමනිසා ආදරය කෑදරයක් වන අවස්ථා අපි බොහෝ විට දැක ඇත.

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.