MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

අපි කවුරුත් දන්නවා පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන.මෙම පද්ධතියෙ ප්‍රධාන ලිංගේන්ද්‍රියන් වන්නේ වෘෂණ හා ශිශ්නය .මෙවා උදරකොටසෙහ පහළින් ශරීරයේ බාහිරින් පිහිටල තියෙනවා .කලල අවස්ථාවෙ උදර කුහරය තුළ වැඩෙන වෘෂණ ක්‍රමයෙන් දරුවා උපත ලබන අවධිය වන විට සිරුරෙ පිටත වෘෂණ කෝෂ තුළ පිහිටනවා.මෙය හේතුව වන්නේ වෘෂණ තුල පුරුෂ ජන්මානු නිපදවීමට සහ ඒවායේ වර්ධනයට අඩු උෂ්ණත්වයක අවශ්‍යවීම.
වයස අවුරුදු 12- 14 පමණ වන විට පුරුෂ ජන්මානු නිපදවීම ආරම්භ වෙනවා.එය ජීවිත කාලය පුරාම සිදුවෙනවා .පුරුෂ ජන්මා වෘෂණ තුල ගබඩාවෙලා තියෙනවා.මෙම ගබඩාව පිරියන විට තමාට නොදැනිම නින්දේදී ශිෂ්නයේන් දියයක් ලෙස පුරුෂ ජන්මානු පිටවෙනවා.සමහරුන්ට මෙම ක්‍රියාවලිය ගැන නොදන්නාකම නසා ලැජ්ජාවට පත්විමත් තමන්ට වැලදි ඇත්තේ රෝගයක්ය යන වැරදි සිතුවිල්ලට පත්වෙන්න පුළුවන් .සමහරු මෙම ක්‍රියාවලිය නිසා ශරිරය දුර්වල වන බවත් තමන් කෙට්ටුවන බවත සිතනවා .මෙවා වැරදි සිතුවිලි.කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවල පිරිසිදුව සිටිම වැදගත් .

0 comments


Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.