MySpace Graphics
MySpace Graphics
MySpace Graphics

දියණියට දෑවැද්ද

Posted by ishan abeywarna Apr 6, 2009

දියණියක් පති කුලයට පිවිසෙන විට දෑවැද්දක් දිය යුතුමද? පවතින ආර්ථිකය හමුවෙ මෙය මනමාල පර්ශවයෙන් බලාපොරෝතුවිම හරිද?එසේම පතිකුලයට පිවිසෙන දියණියකට දියයුතු දෑවැද්ක කොපමණ වටිනාකමක් අන්තර්ගත විය යුතුද?ලයන්න දැන්මම යෙදෙමු අප සංවාදයක ඔඛෙ අදහස් සමගින්........

3 comments

  1. මේ ප්‍රශ්නයේ පිළිතුර රඳා පවතින්නේ "විවාහය" යන වචනයේ තේරුම කෙනෙක් පරිවර්තනය කරන අන්දමටයි. අවාසනාවකට අපේ සමාජයට මේ පිලිලය බෝ වී බොහොම කල්. තමන්ගෙ සන්තෝසයට, තමන්ගෙ දුවණිය පතිකුලයට පිය නගන විට ත්‍යාගයක් දීමෙහි වරදක් නැත. මනාල පාර්ශවයෙන් එය බලාපොරොත්තු වෙයි නම් ඒ මනාලයා මිනිස් වෙසින් පෙනී සිටින නිවටයෙක්. මම ඒක ස්ථිරවම කියනවා. සමහර මධ්‍යම් පන්තිවල ලමයි හොඳට ඉගෙන ගෙන විශාල දායාදයක් බලාපොරොත්තුවෙන් තමාගේ උපාධිය වෙන්දේසි කරනවා. මේ මිනිස්සුන්ට කොන්දකුත් ඇත්ද? ආත්ම ගරුත්වයක් තියෙනවද? මුදල් කන්දරාවක් සමග බිරිඳක් කැන්දාගෙන ආවම වැඩියෙන් වැදගත් බිරිඳද, දායාදයද? සමහර විට දායාද බලාපොරොත්තු වන්නේ දෙමාපියන්. කෙසේ වෙතත් විවාහ වන තැනැත්තා තමා හා විවාහ වන ඒ යුවතියට මනුශ්‍යයෙක් වශයෙන් ගරු කිරීමට ඉගෙන ගත යුතුයි. දායාද පිලිබඳව මගේ හැඟීම නම් මේකයි. විවාහය මුදල් උපයන ව්‍යාපාරයක් නොවෙයි, තමන්ගේ ජීවිතයට සරිලන සහකාරියක් සොයාගැනීමක් පමණයි.

     
  2. Anonymous Says:
  3. මම හිතන්ෙන් ෙමය ඉතා යල් පැනගිය සිරිතක්ය කියලා. ෙමාකද අද ශිෂ්ටසම්පන්න සමාජය පිළිෙගන තියනවා මනුෂ්‍ය ජීවිතයට මුදල්මය වටිනාකමක් තැබිය ෙනාහැකියි කියලා.

     
  4. මමත් කොහෙත්ම අනුමත කරන්නෙ නෑ....යාළුව මේවගේ මාතෘකාවක් කතාකරන්න යොදාගත්ත එක ගොඩක් හොදයි.මොකද සමහරු මේව කතාකරන්න ලැජ්ජයි.අපේ රටේ තාමත් ඉන්නවනේ මේවා ඉහලින්ම පිළිගන්න මහත්තුරු...එයාල ඔක්කොටම කලින් හොයන්නෙ දෑවැද්ද කොච්චරද කියල...

     

Followers


වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.

වෙබ් අඩවියට පිවිසි ඔබට ස්තුතියි.