මෙය ලග ඇති වස්තු නිරික්ෂණය කල හැකි වුවත් දුර ඇති වස්තු නිරික්ෂණයට අපහසුය.එයට හේතුව දුර ඇත වස්තුවෙ සිට එක ආලෝක කිරණ දෘෂ්ටි විතානය ඉදිරියේ නාභිගත විමයි.අවතල කාචයක් සහිත උපැස් යුවලක් පැලදීමෙන් මෙය වලක්වා ගත හැකිය.
දුර දුෂ්ටිකතවය
මෙහිදි දුර ඇති වස්තු නිරික්ෂණය කල හැකිවුවත් ලග ඇති වස්තු නිරික්ෂණය අපහසුවෙ.එයට හේතුව ලග ඇතිවස්තු වලින් පිටකරන කිරණ දෘෂ්ටි විතානයට පිටුපසින් නාභිගතවිමයි.මෙම දෝෂය උත්තල කාච සහිත උපැස් යුවල පැලදිමෙන් මග හරවා ගත හැකිය.
වර්ණ අන්ධතාව.
මෙහිදි සමහර වර්ණ වෙන්කර හදුනා ගැනිමට අපහසුවෙ.බහුලවම රතු සහ කොළ වෙන්කර හදුනා ගැනිමට අපහසුවෙ.මෙය ලිංග ප්‍රතිබද්ධය හා සම්බන්ධ ආවෙණික රෝගයකි.මෙයට හේතුව වර්ණ සංවෙදීතාව සදහා දායක වන කේතු සෙල වර්ග තුනෙහි ඇතිවන ඌණතාවයකි.
සුද ඇතිවිම.
කාචයේ පාරදෘෂ්‍ය බව නැතිවියම නිස මෙම තත්වය ඇතිවෙ.මෙම දෝෂය ඉවත් කිරිම සිදු කරන්නේ කාචය ඉවත් කර උපැස් යුවලක් පැලදීම තුලිනි.
සයුර මෙන් හිදිමින් සිසිලස දුන්නේ ඔබයි.
සදක් මෙන් හිදිමින් එළිය දුන්නේ ඔබයි.
නුග රුකක් මෙන්හිදිමින් සෙවණ දුන්නේ ඔබයි .
අසිමිත ආදරය මාතොට ජනයාට ලබාදුනේ ඔබයි.
ඔබ මහරජු විමට පෙර කාලයේ.
යුද බියෙන් වෙලුනා මුලු රටම.
ජනසිත සනසලා බිය සැක දුරුකලා ඔබ.
කියා දුන්නා ලෝකයටම.
අප කේසර සිංහයන් බව.
දකූණේ බුද්ධිමත් තින්දුව.
නැවත ඔබට ලැබි ඇත.
නැවත නැවත හඩ ගා කියමි මම .
දෙස් විදෙස් ඇස් මවිත වී ඇති බව.
බැලු බැල්මට ආදකු මෙන් පෙනුනත් විදුලි අදායැයි නම් ලැබුවත් මෙම සත්වයා සැබෑ ආදෙකු නොවෙ.ඌ මිටර් 2.5 තරම් දිගක් දක්වා වැඩෙන දකූණු ඇමරිකානු මිරිදිය මත්ස්යයෙක්වෙ.මෙම සතාගේ ශරිරයෙන් පහෙන් හතරක් පමණම වලිගයයි.මෙම වලිගය සමාන්‍ය මත්ස්‍යයෙකුගේ මෙන් නොව සුවිශේෂි විලිගයක් වෙ.ඒ මගින් වොල්ට් 600 ක් පමණ අධික වොල්ටියතාවයක් යුත් ධාරාවක් නිකුත් කිරිමට ඌ සමත්ය.විදුලි ආදා නමින් හදන් වන්නේ ඒ නිසාය විදුලි සැර නිකුත් කිරිමට ගත වනකාලය තත්පරයකින් දෙදහසින් පංගුවක් වෙ.
1882 දි රොබටි කොක් නම් වෛද්‍ය වරයා විසින් ක්ෂය රෝගයට හේතුකාරක වන බැක්ටිරියාව වන ටියුවකියුලස් බැසිලස නම් ක්ෂද්ර ජිවි විශේෂය සොයාගන්නා ලදි.
ක්ෂ රෝගය සැදිමට හේතු.
1.අහාර මද කම හා දුෂ්පෝෂණය.
2.අධික මත් පැන් පානය.
3.පමණ ඉක්මවා වෙහෙසිම
4.ඉඩකඩ මද පිරිසිදු වාතයේන් තොර ස්ථානවල ජීවත්විම.
මෙම රෝගය බෝවිම සිදුවන්නේ ප්‍රධාන වශයෙන් පෙනහලු වලටය නමුත් ශරිරයේ අන්ස්ථාන වලද එයි ඇතිවිය හැකිය.ධුලි සහිත අපිරිසිදු වාතයේ මෙම බැක්ටිරියාව බහුලව පවති.එම නිසා එවැනි වාතය ආශ්වාස කිරිමෙන් මෙම බැක්ටිරියාව ශරිරයට ඇතුලු වෙ.පෙනහැලි තුල මෙම ක්ෂද්ර ජිවන් වැඩෙන විට ඒවා ක්‍රමයෙන් ක්ෂය වන්නට පටන් ගනී.කහින විට දිරාගිය පෙනහැලි කැබලි සෙම සමග පිටවෙ.ඒ සමග ක්ෂූද්‍ර ජිවින්ද පිටවෙ.පෙනහැල වල සිදුරු සැදිම නිසා රුධිර වාහිනි බිදි රුධිරය පිටවියයි.
මාස තුනක දිග නිහැඩියාව බිදිමින් අයුබොන්වන් ශ්‍රී ලංකා වෙබි අඩවිය නැවත ඔබ වෙනුවෙන් ඉදිරිපත් කිරිමට හැකියාව ලැබිම. ඉතාමත් අගය කොට සලකමි. ඉතින් අපි යලි අත්වැල් බැද ගනිමු.ඔබගේ අදහස් අගය කරමි.
මෙය පාසලේදී සිදුවන ලද සත්‍ය සිද්ධියකි.9 වසර ශිෂ්‍යයෙකුගේ පියෙකු දරුවාගේ අධ්‍යාපන තත්වය විමසිම සදහා මා හමුවිමට පැමිනෙණ ලදී. එම ශිෂ්‍ය මාගේ විෂයට දක්ෂයෙකු නොවිය.ගෙදරදි දෙන වැඩ කිසිදිනක පාසලට කරගෙන ආවෙනැත.මම මෙගැන පියාට දැන්විය.ගෙදරදී රුපවාහිණිය වැඩිපුර ලමයින්ට නැරඹිමට දීම තරමක් අනුවන ක්‍රියාවක්බව මා ඔහුට පවසන ලදි.දරුවාගේ පියා ක්‍රියා සිටියේ කිසිදිනක ටි වි අනව්‍ය විදියට දරුවාට බැලිමට තම ඉ ඩ දී නොමැතිබවයි. පියා නික්ම ගිය පසු මම දරුවාගෙන් විමසා සිටියේ ඊයෙ පාසල නිමවි ගෙදර ගිය පසු නැරඹු වැඩසටහන් පවසල ලෙසයි.සර් ගෙදර ගිය ගමන් චිත්‍ර පටියක් බැලුවා .ඊට පස්සේ කාටුන් දෙකක් බැලුවා.7 සිට 10 දක්වා කථා ටික ඔක්කොම බලලා නිදාගත්තා .
- මල්වරවීම පිළිබද දක්වන පිළිවෙත්(වෙන්කර තැබීම.පිරිමි අය දැකිම නරක යැයි සිතිම.ආහාර තහංචි පැනවීම)
- ස්වප්න මෝචනය හේතුවෙන් ශාරිරික හෝ මානසික දුර්වලතා ඇතිවෙයැයි හැගිම.
- ලිංගේන්ද්‍රියන් වල ප්‍රමාණය ලිංගික ක්‍රියා සදහා බැලපැමක් ඇතැයි සිතීම.
- පළමු ලිංගික සංසර්ගයේදී රධිරය පිටවීම කන්‍යභාවය ඔප්පු කිරිමට පැහැදිලි අනිවර්ය හා නිශ්චිත සාක්ෂියක් යැයි පිළිගැනීම.
මෙම ලිපිය ලිවිමට සිතුනේ ඇතම් තරුණියන්ගේ සහ තරුණයන්ගේ වැඩකට නැති වැඩ දැකිමෙනි .ඔවුන් රුප ලාවණ්‍ය සදහා විශාල උනන්දුවක් දක්වයි.එය හොද දෙයක්ලෙස සැලකිය හැකි වුවත් එහි සීමාව ඔබ දැනගත යුතුය. අප ශරීරයට අවශ්‍ය පෝෂණය ලබා ගැනිමට නම් අප ගන්නා සංකිරණ ආහාර සරල ද්‍රව්‍ය බවට පත්කල යුතුය( කාබෝහයිඩෙට පෝටින )එසේ කිරිමට අහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම ඇත .ඇතම් අය මුහුණට අවශ්‍ය පෝෂණය ලබා දිම සදහා යැයැ කියමින් කැරට් .කිරි .කෙසෙල්ගෙඩි.යෝගට් වැනි දැ මුහුනේ ආලේප කරයි.මෙවා ආහාර යට ගැනිමෙන් මුහුණට පමණක් නොව ශරිරයේ සියළුම සෙලවලට පොෂණය ලැඛෙ.
ගැහැණු සත්වයෙකුගේ ඩිම්බ නිශ්පාදනය වන්නේ ඩිම්බ කෝෂ තුල.දින 28 කට සැරයක් මෙම එක් ඩිමිබ කෝෂයකින් එක් ඩිමිබයක් පිටවෙනවා .සමහර අවස්ථාවලදී ඩිමිබ කෝෂ දෙකෙන්ම ඩිමබ මෝචනය වෙන්න හැකියාවක් තියෙනවා.ලිංගික සංසර්ගයකදී ගැහැණු සත්වෙකුගේ ගර්භාෂයට පිවිසෙන පුරුෂ ජන්මානු වලින් ඩිම්බ දෙකක් සංසේචනයවී වෙන වෙනම ගර්භාෂ බිත්ති තුල ගිලිලා විකෂනය වන්න පුලුවන් එහේම ඇති වන දරුවන් හදුන්වනේ විෂම නිවුන්නු කියලා.ඇතැම් අවස්ථාවලදී එක් ඩිමිබයක් සංසේචනයකින් පස්සේ ඇතිවන යුක්තානුව සෙල වලට ඛෙදෙන කොට වෙනවෙනම ගර්භාෂයේ තැම්පත් වෙලා විකසනය වන්න පුලුවන් එහෙම ඇති වන දරුවන හදුන්වන්නේ සම නිවුන්නු කියලා
ශ්‍රී ලංකාවෙ ගොරකා ප්‍රභේද තුනක් වැවෙනවා මෙවා හදුන්වන නම් තමයි මළ ගොරකා රතු ගොරකා හා එළ ගොරකා මෙවායින් රතුගොරකා සහ එළ ගොරකා අහාර පිණිස ගන්නවා ඖෂධ සදහා ගොරකා වල මල් පොතු හා කොළ ප්‍රයෝජනයට ගන්නාවා බිදුනු අස්ථි සවිකිරිමට වගේ දෙව්ල්වලට ගොරක ප්‍රයෝජනවත් වෙනවා මළ ගොරකාවල ඇට වලිනි ලබා ගන්නා තෙල් ඖෂධ පිණිස ප්‍රයෝජනයට ගන්නවා
- අලුත් මළුන්ගේ සම දිප්තිමත්ව දිලිසේ
- කරමලයේ පැහැදිලි ලේ රතු පාටක් ඇත
- කොරපොතු තදින් සමට සවි වි ඇත
- වලිගයෙන් අල්ලා නැමු විට අලුත් මළුවා නොනැමෙ
- ඇගිල්ලෙන් තදකර බැලු විට අලුත් මාළුවන්ගේ මාංශ තද ස්වභාවයක් ගනී
- වලිගයෙන් සහ හිසෙන් අල්ලා ඇද බැලුවිට කොදූ ඇට බිදෙන හඩ දැනෙයි
- වලිගයෙන් ඇල්ලු විට නරක්වු මාළුවා නැමෙයි
- කරමලය දුඹුරු පාටයි
- ඇගිල්ලෙන් තද කළ විට ඉතා මෙළෙක් ගතියක් දැනෙයි
- සම මතුපිට තුවාල වී ඇත
- දුර්ගන්ධයක් ඇත
පළමුව පවුල් ජීවිතය දෙදෙනා සාකච්ඡා කොට සැලසුම් කරගන්න දරුවන් කීදෙනෙක් හදනවාද කුමන කාලයේදීද කියන එක ඒවගේම දරුවන් සදහා යහපත් අනාගතයක් ඇතිකරගන්නේ කොහොමද කියන එකත් හිතල බලන්න වයස අවුරුදු 19 ලබන නොමැතිනම් දරුවන් හදන එක එතරම් සුදුසු නැහැ නිසි වයස එනතුරු තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයක් අනුගමනය කරන්න (කොන්ඩම් හෝ ගිලින පෙති භාවිතා කල හැකිය) විශේෂයෙන්ම ගැබිගැනිමට පෙර රුඛෙල්ලා එන්නත ලබාගැනිම වැදගත් ගැබ්ගැනිමට මාස 03 කට වත් පෙර රුඛෙල්ලා එන්නත ලබාගත යුතුයි මෙම එන්නතින් ගර්භණි සමයේදී රුඛෙල්ලා රෝගය ඇතිවිම වලක්වනවා
ගර්භණි සමයේ රුඛෙල්ලා රෝගය වැලදුන හොත් දරුවා අන්ධවිම බිහිරිවිම මන්දබුද්ධික විම හා හෘද රෝගසැදිම අවකාශ තියනවා මවක්විමට පෙර සිටම ශරීරයේ යකඩ ඌනතාවයක් නොතිබිය යුතුයි ඒසදහා යකඩ බහුල ආහාර ලබාගැනිම වැදගත්(මස් මාලු බිත්තර පලාවර්ග පියලි ඇට වර්ග) ඒවගේම අයඩින් ඌනතාවයද මවක්වීමෙදී ගැටලු ඇති කරන්න පුලුවන් අඩින් බහුල අහාර (මුහුදු මාලු අයඩින් මිශ්‍ර ලුණු එලවළු හා පළතුරු) ගැනිම අයඩින් ඌනතාවය නිසා ඇති කරන රොගා බාධ වලින් ඔබව ආරක්ෂාකරනවා ඔබගේ ශරීරයේ කිලෝග්රැම් 38 වඩා බර තිබිම ඉතාවැදගත් එසේනොමැති වුවහොත් එය අවදානම් තත්වයක් දුම්පානය හා මත්පැන් පානය නොකර සිටිමත් නිතරම සතුටින් සිටිමත් අනාගතයේ නිරෝගී දරුවෙකු බිහිකරලීමට හේතුවෙනවා